Women's health

Painful or irregular periods: PCOS, endometriosis and perimenopause

ඔසප් වීමක් තියෙනවා නම් මේක බලන්න!

Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.

දරුවන්ට වගේම වැඩිහිටි කාන්තාවන්ටත් හෝමෝන ගැන කතා කරන්න වෙනවා. ඔසප්දාට වේදනාවෙන් ඇඹරෙනවා නම්, ඔසප් චක්‍රය අවුල් නම්, ඒක 'ගෑනුකමට' ආවේණික දෙයක් නෙවෙයි.

ඔබේ හෝමෝන තමයි ඔබේ සිරුරේ සෞඛ්‍ය සංඥා පද්ධතිය. ඒ සංඥා අහක දාන්න එපා!

වැඩිපුරම කතාබහට ලක්වන හෝමෝන ගැටලු තුනක් මෙන්න සරලව:

PCOS (Polycyctic Ovarian Disease) ඔසප් චක්‍රය අවිධිමත් වෙනවා නම්, අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙනවා නම්, ඒ හෝමෝන අසමතුලිතතාවයක් නිසා වෙන්න පුළුවන්.

එන්ඩොමෙට්‍රියෝසිස් (Endo): ඔසප් වේදනාව දරාගන්න බැරි තරමට දරුණු නම්, ඒ endometriosis නිසා වෙන්න පුළුවන්.

පෙරිමෙනොපෝස් (Perimenopause): වයස 40-45 පසු වෙනස් වෙන මානසික මට්ටම (මූඩ් changes) නින්ද නොයාම, අධික දහඩිය දැමීම - මේවා ආර්තවහරණයට කලින් වෙන හෝමෝන වෙනස්වීම්.

මතක තියාගන්න! ඔසප් දවස්වල දරුණු වේදනාව සාමාන්‍ය දෙයක් නොවේ. ඔබගේ ප්‍රශ්නවලට නිවැරදි විසඳුම් ලබා ගැනීමට ඔබට අයිතියක් තිබෙනවා.

මෙම පෝස්ට් එක Save කරගෙන ඔබේ වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න අහන්න ලෑස්ති වෙන්න.

ඔබට කලින් දැනගන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන හෝමෝන ගැන ප්‍රශ්න තියෙනවාද?

When to get help now

If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.

Call 1990 — Suwa Seriya

This article is for general education. It does not replace advice from your own doctor or midwife.