Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
ගර්භනී අම්මලා අතරේ තයිරොයිඩ් ඌනතා ගැන ගොඩක් බයවල් තියෙනවා. 2026 අලුත් ජාත්‍යන්තර නිර්දේශ එක්ක ඒ වැරදි අදහස් ටිකක් හදාගමු.
බොරු: TSH 2.5 ට වඩා ටිකක් වැඩි වුණත් ගර්භණී කාලේ අනිවාර්යයෙන්ම පෙති ගන්න ඕන.
ඇත්ත: දැන් ඒ පරණ සීමාවන් පාවිච්චි කරන්නේ නෑ. ඔයාගේ රිපෝට් එක බලන්නේ ලැබ් එකේ සාමාන්‍ය පරාසයට අනුව (reference range). ඒක නැත්නම් TSH 4 ට අඩු නම් ගොඩක් වෙලාවට සාමාන්‍යයි.
බොරු: TSH ටිකක් වැඩි වුණ ගමන්ම පෙති පටන් ගන්න ඕන.
ඇත්ත: පොඩි වෙනසක් නම් (6 ට අඩුයි නම්), ගොඩක් වෙලාවට ඩොක්ටර් සති කීපයකින් ආයෙත් ටෙස්ට් කරලා බලනවා. එහෙම පොඩි වෙනස්කම් වලින් භාගයක් විතර ඉබේම හරි යනවා.
බොරු: Thyroid antibody (TPO) positive නම්, තයිරොයිඩ් හරි වුණත් දරු ගැබ් නැති වෙන එක නවත්තන්න පෙති ගන්න ඕන.
ඇත්ත: තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය සාමාන්‍ය නම්, ඒ සඳහා පෙති ගැනීම දැන් නිර්දේශ කරන්නේ නෑ.
බොරු: දැනටමත් තයිරොයිඩ් පෙති බොන අයට ගර්භණී වුණාම වෙනසක් කරන්න ඕන නෑ.
ඇත්ත: මේක ගොඩක් වැදගත්!
ගර්භණී කාලේදී පෙති ප්‍රමාණය වැඩි කරන්න ඕන වෙන්න පුළුවන්. Pregnancy test එක positive වුණ ගමන්ම ඔයාගේ ඩොක්ටර්ට කියන්න.
මතක තියාගන්න:
කිසිම වෙලාවක තයිරොයිඩ් පෙති තනියම නවත්තන්න හෝ වෙනස් කරන්න එපා.
හැමෝටම තයිරොයිඩ් ටෙස්ට් ඕන නෑ. ඔයාට අවදානමක් තියෙනවද කියලා ඩොක්ටර් තීරණය කරයි.
ප්‍රශ්නයක් තියෙනවා නම් බය නොවී අහන්න.
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.