Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
"කකුල් ගැහිලි 10ක් ගණන් කරන්න" කියලා ඔයාට කවුරුහරි කියලා ඇති. හැබැයි අලුත් නිර්දේශ අනුව අංකයක් ගණන් කරනවට වඩා වැදගත් වෙන්නේ ඔයාගේ බබාගේම රටාව අඳුරගන්න එක.
මතක තියාගන්න:
අන්තිම මාස වලදී බබාගේ සෙලවීම් අඩු වියයුතු නෑ. ගහන පාරවල් වෙනුවට පෙරළෙනවා වගේ දැනෙන්න පුළුවන්, ඒත් ගණන අඩු වෙන්න බෑ.
සෙලවීම් සාමාන්‍යයට වඩා අඩුයි නම් හෝ නැවතිලා නම්, හෙට වෙනකම් ඉන්න එපා. ඒ ගමන්ම රෝහලට එන්න.
නැවැත වතාවක් සෙලවීම් අඩු වුණොත්, කලින් පාර ටෙස්ට් හරි ගියා කියලා නොසලකා ඉන්න එපා. ආයෙත් එන්න.
ඔයාගේ හිතේ සැකයක් ආවොත්, ඒක වැදගත්. අපි ඔයාව බලන්න හැමවෙලේම ලෑස්තියි.
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.