Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
NIPT යනු කුමක්ද?
"NIPT (Non-Invasive Prenatal Testing) යනු මවගේ ලේ වලින් සිදුකරන ප්‍රසව පරීක්ෂණයක්. මවගේ ලේ වල තියෙන දරුවාගේ DNA කොටස් විශ්ලේෂණය කර දරුවාට යම්කිසි වර්ණදේහ රෝග තත්ත්වයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්."
පරීක්ෂණය කරන හැටි
"NIPT පරීක්ෂණය සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීම හරිම පහසුයි සහ ඉක්මන්.
DNA විශ්ලේෂණය සිදුවන ආකාරය
"ලබාගත් රුධිර සාම්පලය විශේෂ රසායනාගාරයක් වෙත යවා නවීන තාක්ෂණය යොදාගෙන රුධිරයේ ඇති දරුවාගේ DNA කොටස් වෙන් කර ඩවුන් සින්ඩ්‍රෝමය වගේ පොදු වර්ණදේහ ගැටලු තියෙනවද කියලා පරීක්ෂා කිරීම මෙහිදී සිදු වෙනවා."
පවුලේ සතුට සහ සූදානම
"NIPT පරීක්ෂණයෙන් අවදානම අඩු නම්, ඔබට සතුටින් සිටින්න පුළුවන්. අවදානම වැඩි නම්, ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගෙන දරුවා පිළිගැනීමට හොඳින් සූදානම් වෙන්න පුළුවන්. මේ පරීක්ෂණය තුළින් අපේක්ෂිත දෙමාපියන්ට සතුටින් සහ දැනුවත්ව තම ගර්භණී කාලය ගත කරන්නට ශක්තිය ලැබෙනවා."
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.