Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
දරුවෙකු මෙලොවට බිහි කිරීමේ ක්‍රියාවලිය සෑම මවකටම අද්විතීය සහ "සුන්දර" අත්දැකීමකි. බොහෝ විට "සාමාන්‍ය දරු ප්‍රසූතිය" (Normal Vaginal Delivery - NVD) යන යෙදුම අපට හුරුපුරුදුය. මෙම නම ඇසූ පමණින්, කිසිදු වෛද්‍යමය මැදිහත්වීමකින් තොරව සිදුවන සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවලියක් අපේ මනසට නැගේ. නමුත්, නූතන ප්‍රසූති කාමර තුළ "සාමාන්‍ය දරු ප්‍රසූතිය" යන සංකල්පය කෙතරම් දුරට ස්වභාවිකද?
බොහෝ අවස්ථාවලදී, දරු ප්‍රසූතියේදී වෛද්‍යවරුන් සහ හෙදියන් විසින් විවිධ මැදිහත්වීම් සිදු කරනු ලැබේ.
නිදසුනක් ලෙස, නියමිත කාලය ආසන්න වූ විට කෘතිමව ප්‍රසූතිය ආරම්භ කිරීම, වේදනාව සමනය කිරීම හෝ ප්‍රසූත කාලය කෙටි කිරීම සඳහා ඖෂධ ලබා දීම, දරුවා පහසුවෙන් පිටතට ගැනීම සඳහා යෝනි මාර්ගය ආසන්නයේ කුඩා කැපුමක් (Episiotomy) සිදු කිරීම දැක්විය හැකිය. දරුවා මෙලොවට බිහි වූ පසුව පවා ගර්භාෂය හැකිලීම සඳහා ඖෂධ ලබා දෙන අවස්ථා බහුල වේ.
මෙවැනි වෛද්‍යමය මැදිහත්වීම් මවගේත්, දරුවාගේත් ආරක්ෂාව වෙනුවෙන් සිදු කෙරෙන බව අවිවාදීතය. අතීතයේ වූ පරිදි මාතෘ හා ළමා මරණ අතිශය විශාල සන්ඛයවක් මෙමගින් වලක්වා ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලීන් "ස්වභාවික" දරු ප්‍රසූතියක් පිළිබඳ අපගේ හැගීම වෙනස් කරයි.
ඉතින්, "සාමාන්‍ය දරු ප්‍රසූතියක්" යනු ඇත්ත වශයෙන්ම කුමක්ද? එය සම්පූර්ණයෙන්ම වෛද්‍යමය මැදිහත්වීම්වලින් තොර ක්‍රියාවලියක්ද, නැතහොත් මවගේ සහ දරුවාගේ යහපත උදෙසා අවශ්‍ය විටෙක වෛද්‍යමය මැදිහත්වීම් සහිතව සිදුවන ක්‍රියාවලියක්ද? මෙම සංවාදය ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී නිතර නිතර මතුවන ප්‍රශ්නයකි. බටහිර රටවල, මම පුහුණුව ලැබූ Australia වේ පවා කලාතුරකින් කිසිදු වෛද්‍ය මැදිහත්වීමකින් තොරව Natural delivery සිදුකරගනියි. එලෙස අත්දැකීම ලැබූ කාන්තාවන්ගේ ධනාත්මක ප්‍රතිචාරය වන්නේ "මට මගේ ප්‍රසුතියේ සම්පූර්ණ පාලනයම මට ලැබුනා" යන්නයි.
ඔබේ සංවාදයට!
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.