අද මට මේ පොස්ට් එක දාන්න හිතුනේ තරමක් දුලබ වුවත් වියහැකි දෙයක් පිලිබදව ඔබව දැනුවත් කරන්න. මෙයට පාදක වුනේ, අද මම ප්‍රතිකාර කරන ලද මවක් සම්බන්දයෙන් සිදිවු සිදුවීමක්.
GTD හෙවත් Gestational Tropoblastic Disease කියන්නේ ගර්භණී සමයේදී සාමාන්‍යයෙන් වැදෑමහ (Placenta) ලෙස සෑදෙන සෛල වලින් වර්ධනය වන දුර්ලභ growth එකක්. මෙය අතිශය දුර්ලබ අවස්තාවලදී පිළිකාවක් දක්වා වර්ධනය විය හැකිය.
මෙය ඇතිවන්නේ කෙසේද?
GTD තත්ත්වය යටතේ, වැදෑමහේ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වී ගැටිති/ ගෙඩි ලෙස වර්ධනය වේ.
GTD ප්‍රධාන ආකාර දෙකකි:
- මෝලර් ගැබ්ගැනීම් (Molar Pregnancy): සංසේචනය වූ බිත්තරයේ දෝෂයක් නිසා වැදෑමහ පටක අධික ලෙස වර්ධනය වීම මෙහිදී සිදු වේ. මෝලර් ගැබ්ගැනීම් සාමාන්‍යයෙන් පිළිකාවක් නොවන (Benign) නමුත් වහාම ප්‍රතිකාර අවශ්‍ය වේ.
- ගර්භණී ට්රොෆොබ්ලාස්ටික් නියෝප්ලාසියාව (GTN): මෙහිදී, මෙම අසාමාන්‍ය වර්ධනයන් පිළිකාමය විය හැකි (Malignant) අතර, ඉතා වේගයෙන් ශරීරය පුරා පැතිරීමේ හැකියාව ඇත.
GTD හි රෝග ලක්ෂණ සාමාන්‍ය ගර්භණී සමයේ ගැටළු වලට සමාන විය හැකි බැවින්, ඔබ පහත රෝග ලක්ෂණ අත්විඳින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ:
- මුල් ගර්භනි කාලය තුල අධික ලේ ගැලීමක්.
- අධික ඔක්කාරය හා වමනය ඇතිවීම.
- ගර්භණී කාලයට සාපේක්ෂව සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ගර්භාෂයක් තිබීම.
- අද මම මුහුණ දුන් සිදුවීමේදී තිබුනේ, එම මව දරුවා ලැබී සති 2 - 3 ක් පමණ, අදික ලෙස ලේ වහනය වී පැමිණීමයි,
රෝග විනිශ්චය;
- මේ සඳහා රුධිර පරීක්ෂණ (hCG මට්ටම් පරීක්ෂා කිරීම)
- අල්ට්රා සවුන්ඩ් වැනි පරීක්ෂණ භාවිතා කරයි.
- තහවුරු කිරීම සදහා පටක පරීක්ෂාව අනිවාර්ය වේ,
ප්‍රතිකාර;
- GTD සහිත කාන්තාවන් සඳහා ප්‍රතිඵල සාමාන්‍යයෙන් ඉතාමත් යහපත් වේ.
- ඉක්මනින් රෝග විනිශ්චය කළ විට ප්‍රතිකාර සාර්ථක වේ,
- අසාමාන්‍ය පටක ඉවත් කිරීමට ශල්‍යකර්මයක් සහ/හෝ පිළිකාමය වර්ග සඳහා රසායනික ප්‍රතිකාර (Chemotherapy) මගින් ප්‍රතිකාර සිදු කරයි.
- GTD සඳහා ප්‍රතිකාර සම්පූර්ණ කරන බොහෝ කාන්තාවන්ට අනාගතයේදී නිරෝගී ගැබ්ගැනීම් ලබා ගැනීමට හැකියාව ඇත.
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.