Mirena කියන්නේ මොකක්ද?
Mirena යනු ඔබේ ගර්භාශය තුළට ඇතුල් කල හැකි කුඩා T හැඩැති උපකරණයකි. එය කාලයත් සමඟ සෙමින් ප්‍රොජෙස්ටින් නම් හෝමෝනය ගර්භාශයේ ඇතුල් බිත්ති මතට මුදා හරියි. මෙය සමහර විට "හෝමෝන IUD" ලෙස හැඳින්වෙන අතර වසර 5 (8ක් සදහා පර්යේෂණ මට්ටමේ) දක්වා පවතී.
Copper IUD කියන්නේ මොකක්ද?
Copper IUD යනු ඔබේ ගර්භාශය තුළට ඇතුල් කල හැකි, Mirena වැනිම කුඩා T හැඩැති උපකරණයකි. නමුත් එහි හෝමෝන නොමැත. ඒ වෙනුවට එය තඹ කම්බියකින් ආවරණය කර ඇත. තඹ ස්වාභාවිකවම ගැබ් ගැනීම වළක්වයි. එය වසර 10ක් දක්වා තබාගත හැක.
Mirena හි භාවිතයන් මොනවාද?
- ගැබ් ගැනීම වැළැක්වීම
- අධික ආර්තවය - ඔබේ ආර්තවයෙදී ලේ පිටවීම පාලනය කිරීමට හෝ සම්පූර්ණයෙන්ම නතර කිරීම කළ හැක
- වේදනාකාරී ආර්තවය - ආර්තව වේදනාව අඩු කිරීමට උපකාරී වේ
- එන්ඩොමෙට්‍රියෝසිස් වේදනාව අඩු කිරීමට
Copper IUD හි භාවිතයන් මොනවාද?
- ගැබ් ගැනීම වැළැක්වීම
- Emergency contraception - ආරක්ෂිත නොවන ලිංගික ක්‍රියාවලියෙන් දින 5ක් ඇතුළත භාවිතා කළ හැක
Mirena සහ Copper IUD අතර වෙනස මොකක්ද?
හෝමෝන:
- Mirena = හෝමෝන අඩංගු වේ
- Copper IUD = හෝමෝන රහිත
ඔබේ ආර්තවය:
- Mirena = ලේ පිටවීම හා වේදනාව පාලනය කරයි
- Copper IUD = මුලදී ලේ පිටවීම තාවකාලිකව වැඩිවිය හැක
කොපමණ කාලයක් පවතීද:
- Mirena = වසර 5 (8ක් සදහා පර්යේෂණ මට්ටමේ) ක් දක්වා
- Copper IUD = වසර 10ක් දක්වා
අතුරු ආබාධ:
- Mirena = කුරුලෑ ඇතිවීම හෝ පියයුරු මෘදු බව වැනි හෝමෝන බලපෑම් ඇති විය හැක
- Copper IUD = ආර්තවයෙදී වැඩි කැක්කුමක් හෝ අධික රුධිර ගැලීමක් ඇති විය හැක, (විශේෂයෙන් පළමු මාස කිහිපය තුළදී )
හොඳම භාවිතයන්:
- Mirena = සැහැල්ලු ආර්තවයක් අවශ්‍ය හෝ අධික/වේදනාකාරී ආර්තවයක් ඇති කාන්තාවන්ට. ගර්භාෂයේ පිළිකා මතුවීම වලක්වීමටද භාවිතා කරයි. මෙය වෙනම මාතෘකාවකි, පසුව කතාකරමු.
- Copper IUD = හෝමෝන රහිත උපත් පාලන ක්‍රමයක් අවශ්‍ය කාන්තාවන්ට
සැලකිය යුතුයි - මෙම තොරතුරු අධ්‍යාපනික අරමුණු සඳහා පමණි. සෑම කාන්තාවකගේම අවශ්‍යතා වෙනස් වන අතර එක් පුද්ගලයෙකුට ගැලපෙන දේ තවත් අයෙකුට නිවැරදි නොවිය හැක. කරුණාකර ඔබගේ සෞඛ්‍ය අවශ්‍යතා සහ ජීවන රටාව සඳහා හොඳම ක්‍රමය කුමක්දැයි සාකච්ඡා කිරීමට ඔබේම වෛද්‍යවරයා හමුවන්න.
Mirena vs Copper IUD:
What is Mirena?
Mirena is a small T-shaped device placed inside your uterus. It releases a small amount of hormone (progestin) slowly over time. It's sometimes called a "hormonal IUD" and lasts for up to 5 (8 – under research) years.
What is a Copper IUD?
A Copper IUD is also a small T-shaped device placed in your uterus, but it contains no hormones. Instead, it's wrapped with copper wire. The copper naturally prevents pregnancy. It can last up to 10 years.
What are the uses of Mirena?
- Birth control
- Heavy periods - Can make your periods lighter or stop them completely
- Painful periods - Helps reduce menstrual cramps
- Endometriosis pain - May help manage pelvic pain
What are the uses of Copper IUD?
- Birth control
- Hormone-free option - Great if you can't or don't want to use hormones
- Emergency contraception - Can be used within 5 days after unprotected sex
- Long-term protection - Lasts the longest of all IUDs (10 years)
What's the difference between Mirena and Copper IUD?
Hormones:
- Mirena = Contains hormones
- Copper IUD = Completely hormone-free
Your periods:
- Mirena = Often lighter periods or no periods
- Copper IUD = May cause heavier or longer periods initially
How long they last:
- Mirena = Up to 5 years (looking for 8 years, under research)
- Copper IUD = Up to 10 years
Side effects:
- Mirena = May cause hormonal effects like acne, mood changes, or breast tenderness
- Copper IUD = May cause more cramping or heavier bleeding, especially in the first few months
Best for:
- Mirena = Women who want lighter periods or have heavy/painful periods
- Copper IUD = Women who want hormone-free birth control or need emergency contraception
Important Note: This information is for educational purposes only. Every woman's body is different, and what works for one person may not be right for another. Please consult your own doctor to discuss which option is best for your specific health needs and lifestyle.
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.