කාන්තා සෞඛ්‍යය

ඔබේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන ඇත්තටම දන්නවාද?

බොහෝ කාන්තාවන්ට මේ ගැන කවුරුත් කියා දී නැහැ.

යෝනි මාර්ගය තමන්ම පිරිසිදු කරගන්නවා. සෝදන්න ඕනේ බාහිර කොටස පමණයි.

යෝනි මාර්ගය වතුරෙන් flush කිරීම, සුවඳ සබන්, ස්ප්‍රේ සහ කුඩු ස්වභාවික සමතුලිතතාවය කඩාකප්පල් කරනවා.

රෝම ඉවත් කිරීම අනිවාර්ය නැහැ. Shave නොකර, trim කරන්න.

වැසිකිළියට ගිය පසු ඉදිරිපසින් පිටුපසට පිස දමන්න.

කපු රෙදි වලින් සෑදූ යට ඇඳුම් අඳින්න. තෙත් ඇඳුම් ඉක්මනින් මාරු කරන්න. පැඩ් පැය 4-6 කට වරක් මාරු කරන්න.

ලිංගික සංසර්ගයෙන් පසු මුත්‍රා කරන්න. එය මුත්‍රා ආසාදන වැළැක්වීමට උපකාරී වෙයි.

අසාමාන්‍ය ස්‍රාවයක්, කැසීමක්, නරක ගඳක්, වේදනාවක්, හෝ ඔසප් කාලයෙන් පිටත රුධිර ගලනයක් ඇත්නම්, ප්‍රමාද නොකර වෛද්‍යවරයෙකු හමුවන්න.

විනාඩි 1½ ක මේ වීඩියෝව බලන්න. මේ තොරතුරු ඔබටත්, ඔබ දන්නා කෙනෙකුටත් වැදගත් වේවි.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.