මේ අවදානම් තත්ත්වය තුළ ඔබගේ සහ බිළිඳාගේ ආරක්ෂාව ගැන මුලින්ම සිතන්න.
ඉක්මනින් ඉවත් වන්න: බලධාරීන් දැනුම් දුන් විගස ආරක්ෂිත ස්ථානයකට (උස් බිමකට) යන්න.
වතුරේ යන්න එපා: කෙසේවත් ගංවතුර දියරයේ ඇවිදීම නොකරන්න. (විෂබීජ සහ අනතුරුදායක දේවල් තිබිය හැක.). මී උන ගැන සැලකිලිමත් වන්න.
ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය (PHM) හෝ වෛද්‍යවරයා අමතා ඔබගේ තත්ත්වය සහ ඔබ සිටින තැන දැනුම් දෙන්න.
"ඔබේ සායන පොත, බෙහෙත්, විටමින්, පිරිසිදු වතුර සහ ඉක්මනින් කෑමට හැකි ආහාර අඩංගු බෑගයක් සූදානම් කර ගන්න.
විවේක ගන්න/වතුර බොන්න: පුළුවන් තරම් විවේක ගෙන, නටවා නිවාගත් පිරිසිදු ජලය බොන්න.
ගර්භනි ඔබ ගංවතුරේ ඇවිදීම නොකරන්න.
විෂබීජ සහිත බැක්ටීරියා සහ අනතුරුදායක රසායනික තිබිය හැක.
මී උණ ගැන සැලකිලිමත් වන්න.
ඔබ ගංවතුරට නිරාවරණය වුයේ නම් ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය (PHM) හෝ වෛද්‍යවරයා අමතා ඔබගේ තත්ත්වය දැනුම් දෙන්න.
ඔබ ගංවතුරට නිරාවරණය වුයෙනම්, සහ ඔබට උණ ගතියෙන් පෙලෙන්නෙ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.