ගර්භණී කාලය පුරාම

ගර්භණී සමයේදී DHA ගැනීමේ වැදගත්කම

DHA යනු කුමක්ද?

DHA යනු ප්‍රධාන වශයෙන් මාළු සහ මුහුදු ආහර වල දක්නට ලැබෙන සෞඛ්‍ය සම්පන්න මේදයකි. එය ඔබේ බිළිඳාගේ මොළය, ඇස් සහ ස්නායු පද්ධතියේ වර්ධනය සඳහා මූලික අවශ්‍ය රසායනිකයක් වේ.

ගර්භණී සමයේදී DHA අවශ්‍ය වන්නේ ඇයි?

ගර්භණී සමයේදී, ඔබේ බිළිඳා වැදෑමහ හරහා ඔබෙන් DHA ලබා ගනී. ගර්භණී සමයේ අවසාන මාස තුන තුළ බිළිඳාගේ මොළය සහ ඇස් වේගයෙන් වර්ධනය වන විට එයට DHA වඩාත් අවශ්‍ය වේ. උපතෙන් පසු, ඔබේ මව්කිරි මගින් DHA දිගටම සපයනු ලැබේ.

DHA ලබාගැනීමේ ප්‍රතිලාභ මොනවාද?

ගර්භණී සමයේදී DHA ගැනීමෙන්:

  • කාලයට පෙර උපත අවදානම අඩු වේ – විශේෂයෙන් ඉතා කලින් (සති 34 කට පෙර) උපත් ඇතිවීම්, මේ මගින් බිළිඳුන්ට බරපතල සෞඛ්‍ය ගැටළු ඇති විය හැක
  • ඔබේ බිළිඳා වඩා හොඳින් වර්ධනය වීමට උපකාරී වේ – බිළිඳුන්ට සෞඛ්‍ය සම්පන්න උපත් බරක් ලබාදීමට උපකාරි වේ.
  • මොළයේ සහ ඇසේ වර්ධනයට සහාය වේ – DHA ඔබේ බිළිඳාගේ මොළය සහ පෙනීම නිසි ලෙස වර්ධනය වීමට උපකාරී වේ

කොපමණ ප්‍රමාණයක් ගත යුතුද?

වෛද්‍යවරු නිර්දේශ කරන්නේ දිනකට DHA මිලිග්‍රෑම් 200 -1000 ක්, ඔබේ ගර්භනිත්වයෙ මුල් අවදියේ සිට ආරම්භ කර සති 37 පමණ දක්වා දිගටම ගැනීමයි. ඔබ මාළු හෝ මුහුදු ආහාර බොහෝ විට නොකන්නේ නම් මෙය විශේෂයෙන් වැදගත් වේ.

ගර්භණී සමයේදී DHA අතිරේක ගැනීම ඔබේ බිළිඳාට හොඳම ආරම්භයක් ලබා දීමට සරල ක්‍රමයකි. DHA අතිරේක ඔබට සුදුසුද යන්න ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න, විශේෂයෙන් ඔබ මාළු හෝ මුහුදු ආහාර කලාතුරකින් කන්නේ නම් මෙය ඔබට වඩාත් සුදුසු විය හැක.

වහාම උදව් ගත යුත්තේ කවදාද

යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.

1990 අමතන්න — සුව සැරිය

මෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.