ඔබට පෙර වතාවලදී සිසේරියන් සැත්කමක් කර තිබෙනවා නම්, මේ ගැන දැනුවත් වෙන්න!
මෙම තත්ත්වය (Placenta Accreta) ඉතා දුර්ලභ වුවත්, මෙම දිනවල ලංකාවේ ටිකක් වැඩිපුර කතාකරන මාතෘකාවක්. මවකගේ ජීවිතය වුවද අනතුරේ හෙලීමට මෙය දායක විය හැකිය. සරලව මෙම සංසිද්දිය ගැන කතාකරමු.
වැදැමහ ඇලීම යනු කුමක්ද?
සාමාන්‍යයෙන් වැදෑමහ (Placenta) දරු ප්‍රසූතියෙන් පසු පහසුවෙන් ස්භාවිකව ගර්භාෂයෙන් වෙන් වී ඉවත් වෙනවා.
නමුත්, අසාමාන්‍ය ලෙස වැදෑමහ ගර්භාෂයට ඇලීමෙදී :
- එක්කෝ ගර්භාෂයේ මාංශපේශී තට්ටුවට තදින්ම ඇලී තිබීම.
- නැත්නම්, බිත්තිය හරහා වැඩී, මුත්‍රාශය වැනි අවට අවයව දක්වා ළඟා වීම වෙන්න පුළුවන්.
- පෙර සිසේරියන් සැත්කම් හා ප්ලැසෙන්ටා ප්රීවියා (Previa - වැදෑමහ ගර්භාෂයේ ගෙල ආවරණය කිරීම/ පහතින් පිහිට තිබීම) යන තත්ත්ව දෙකම තිබේ නම්, මෙම ඇලීමේ අවදානම වැඩි වෙනවා.
අවදානම (risk to the mother & baby )
ප්‍රධානතම ගැටලුව වන්නේ දරු ප්‍රසූතියේදී වැදෑමහ වෙන් නොවීමයි.
මෙයින් ඇතිවිය හැකි තත්ත්ව:
- අධික ලේ ගැලීම: මෙය ඉතා බරපතල විය හැකි අතර, හදිසි රුධිර පාරවිලනයක් අවශ්‍ය විය හැකියි.
- හදිසි සැත්කම්: ජීවිතය ආරක්ෂා කර ගැනීමට සමහර විට ගර්භාෂය ඉවත් කිරීමට (Hysterectomy) සිදුවීම.
- කලින් ප්‍රසූතිය සිදුවීම (Premature Birth).
කල්තියා හඳුනා ගැනීම සහ සැලසුම් කිරීම -
ධනාත්මකව සිතන්න!
නවීන වෛද්‍ය විද්‍යාවේදී, මෙම තත්ත්වය ගැබිණි කාලයේදීම හඳුනාගෙන, නිසි ලෙස සැලසුම් කළහොත්, ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඉහළයි. නමුත් සෑමවිටම complications වලක්වාගත නොහැකි විය හැක.
ඔබේ වෛද්‍ය කණ්ඩායම කරන දේ:
- සැලසුම් කළ සිසේරියන්: සාමාන්‍යයෙන් සති 34-37 අතර කාලයේදී විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කරයි.
- විශේෂඥ රෝහලක්: සියලු හදිසි පහසුකම් (රුධිරය, ශල්‍යාගාර, බබා රැකවරණය - PBU) සහිත රෝහලක ප්‍රසූතිය සූදානම් කිරීම.
- විශේෂඥ කණ්ඩායම: ප්‍රසව හා නාරිවේද විශේෂඥයන්, ශල්‍ය වෛද්‍යවරුන් සහ දැඩි සත්කාර ඒකක කණ්ඩායමක් මේ සඳහා සූදානම්ව සිටී.
ඔබට කළ හැකි දේ
ඔබේ ගැබ් ගැනීම ආරක්ෂිත කර ගැනීමට අම්මාට කළ හැකි දේවල් කිහිපයක් මෙන්න:
- සියලු සායනවලට යන්න:
- විශේෂයෙන් ස්කෑන් පරීක්ෂණ මගින් කල්තියා හඳුනා ගැනීම සිදුකල හැක.
- පෙර සිසේරියන් ගණන, වෙනත් ගර්භාෂ ශල්‍යකර්ම වැනි ඔබේ වෛද්‍ය ඉතිහාසය නිවැරදිව ඔබේ වෛද්‍යවරයාට කියන්න.
- ප්‍රශ්න අසන්න: ඔබට ඇති බිය සහ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න. දැනුවත් වීම ඔබට ශක්තියක්!
මතක තබා ගන්න!!!!!!!!! පෙර සිසේරියන් කළ සෑම මවකටම මේ තත්ත්වය ඇති වන්නේ නැත. මෙය දුර්ලභ අවදානම් තත්වයක් පමණයි. ඔබේ වෛද්‍ය කණ්ඩායම ඔබ වෙනුවෙන් හොඳම සැලසුමක් සකස් කරනු ඇත. විශ්වාසයෙන් ඉන්න.
(මෙය තොරතුරු දැනගැනීම සඳහා පමණි. ඔබේ සෞඛ්‍ය උපදෙස් සඳහා සෑම විටම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.)
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.